විදුහල්පති පණිවිඩය
පල්ලත්තර මහා විද්‍යාලය

අධ්‍යාපනය, ලෝකයේ තිරසාර පැවැත්ම රඳා පවත්වයි. පුද්ගලයා සතු වටිනාම ධනය අධ්‍යාපනයයි. එකී වූ දැනුම වර්තමානය වන විට ලබා ගැනීම අසීරු නොවන්නේ තාක්ෂණය නිමාවෙනි. වර්තමානයේ අධ්‍යාපන ක්‍රමවේද ක්‍රමයෙන් තාක්ෂණය සමග සම්බන්ධ වෙමින් නාගරික ප්‍රදේශද අනතුරුව වර්තමානය වන විට ග්‍රාමීය ප්‍රදේශ දක්වාද ගමන් කරමින් පවතී.
අධ්‍යාපන ක්‍රමවේදය තාක්ෂණය සමග නව මංපෙතකට යොමු වන අවස්ථාවක ගුරු පරපුර ලෙස අප වඩාත් සතුටට පත් වන්නෙමු.දැනුම ,ආකල්ප, කුසලතා සපිරි නවීන අදහස් වලින් පිරි සිසු පරපුරක අභිවෘද්ධිය වෙනුවෙන් කැප වෙමින් එම වගකීම නොපිරිහෙලා ඉටු කරන්නට වග බලා ගන්නෙමු.
පී.ඒ .ගුණවර්ධන
විදුහල්පති,
පල්ලත්තර මහා විද්‍යාලය.