| 1930 -1940 |
පීටර් ප්‍රදිනාන්දු මැතිතුමා
වර්ෂ 1930 ඔක්තෝබර් 01 වන දින හ/පල්ලත්තර මහ විදුහල ආරම්භ කළ අතර ප්‍රථම විදුහල්පති තුමා වූයේ පීටර් ප්‍රදිනාන්දු මැතිතුමාය. එදිනට සිසුන් 80 ක් හා ගුරුවරුන් තිදෙනෙක්ද සිටියහ. පළමු ශ්‍රේණීයේ සිට අටවන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත් වූ අතර කනිෂ්ඨ පාසලක් ලෙස පවත්වා ගෙන ගියේය.
|
| 1940-1962 |
එල්.බී.ඒ. සිරිසේන මැතිතුමා
එතුමා වසර 22 ක් පමණ මෙම විදුහලේ සේවය කළ අතර එම කාලය තුල විදුහලට නව අංග රාශියක් එනතු කළේය. එම නව අංග අතර සිසුන්ගේ අධ්‍යාත්මික ගුණ වගාවට අවශ්‍ය බුදු මැදුරක් ඉදි කරවීමට පියවර ගත්හ. ඒ සදහා පල්ලත්තර ප්‍රදේශයේ සිටි ඩී.ඒ.රත්නසිංහ මහරාළහාමි සහ බෙලිඅත්තේ විසූ වීරරත්න රාළහාමිගේ පෞද්ගලික ධන පරිත්‍යාග ලබා ගත්හ.මෙතුමාගේ සේවා කාලය වසර 22 කින් නිමා විය. |
|
1962-1970 |
පී.සී.ද සිල්වා මැතිතුමා මෙතුමා ද පාසලේ දියුණුව සදහා නව අංග එක් කරමින් ඉමහත් සේවයක් ඉටු කළේය.මේ වන විට පාසලේ ඉමහත් අඩුවක්ව පැවැති ජල ප්‍රශ්නය විසදීමට මෙතුමා වහාම කටයුතු කළේය.එහි ප්‍රතිඵලයක් වශයෙන් පාසලට ජල පොම්පයක් ලැබුණු අතර ඉදි කිරීම් කටයුතු කෙටි කාලයකින් නිම කර දරුවන්ගේ අවශ්‍යතා සපුරා ලීමට පියවර ගත්තේය. එසේම මෙතෙක් කලක් තිස්සේ කනිෂ්ඨ පාසලක් ලෙස පැවැති පල්ලත්තර විදුහල මහා විද්‍යාල තත්වයට පත් කිරීම ද මෙතුමාගේ දැඩි අධිෂ්ඨානයක් විය.එම අදහස මල්ඵල ගන්වමින් එවකට බෙලිඅත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කළ ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ අනුග්‍රහය මත 1965 දී පල්ලත්තර කනිෂ්ඨ පාසල මහා විද්‍යාලයක් බවට පත් කිරීමට හැකි විය.ක්‍රීඩා කුසලතා වර්ධනය කර ගෙන අනෙකුත් පාසල් සමග තරග කර ජයග්‍රහණයන් ලබා ගත හැකි විය.
|
|
1970-1971 |
පී.එන්.කුරුප්පු මැතිතුමා මෙතුමා වසර 02ක් පමණ කාලයක් සේවය කරන ලදී. |
|
1971-1976 |
හෙන්රි සමරසේකර වීරසූරිය මැතිතුමා
ඒ අතර පාසලට තවත් යාබද ඉඩම් කොටසක් මෙම පාසලට සම්බන්ධ කරමින් පාසල් භූමි ප්‍රමාණය වැඩි කර ගත්තේය. එ පමණකින් නොනැවතුණ එතුමා ගුරු දෙගුරු සැමගේ සහයෝගය ලබා ගනිමින් පාසල් දරුවන්ට වානිජ, විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබා දීමට අවස්ථාව ලබා ගත්හ. එහි ප්‍රතිඵලයක් ව ශයෙන් අවට ගම් වලින් පමණක් නොව නගර වලින් පවා වානිජ විද්‍යා අංශයෙන් සා.පෙළ හා උසස් පෙළ විෂයන් හැදෑරීමට සිසුන් නොකඩවා මෙම පාසලට ඇදී ආහ. ඉන් පසුව මෙම පාසලට අඩුවක්ව පැවැති පුස්තකාලයක් ලබා ගැනීමට මෙම විදුහල්පතිතුමා උනන්දුවෙන් කටයුතු කළේය.ඒ සදහා පල්ලත්තර ග්‍රාමයේ විසූ දානපති ඩී.ඒ.රාත්නසිංහ රාළහාමි ධනය පරිත්‍යාග කළේය.එම නිසා කෙටි කාලයකින් පුස්තකාලයේ වැඩ නිම කර පාසල් දරුවන්ගේ දැනුම් පිපාසය සංසිදුවාලීමට කටයුතු කළේය. මින් පසුව පුස්තකාලයට ගුරු මහත්මියක්,ක්‍රීඩා අංශ භාර ගුරු මහත්මයෙක් ,වානිජ අංශ භාර ගුරු මහත්මයෙක් ආදී වශයෙන් දක්ෂ හා පළපුරුදු ගුරු මණ්ඩලයක් පාසලට පත් කර ගත්හ.වසරක් පාසා ක්‍රීඩා තරඟ ,අධ්‍යාපන චාරිකා ආදිය පවත්වමින් සිසුන්ගේ උන්නතිය සදහා විශාල මෙහෙයක් මෙම පාසලින් ඉටු කිරීමට මෙම හෙන්රි සමරසේකර විදුහල්පතිතුමා ප්‍රමුඛ ගුරු මණ්ඩලයට හැකි විය.
|
|
1976-1978 |
ඩී.කොළඹගේ මැතිතුමා මෙතුමා ද පාසලේ පැවැති තත්වය තව දුරටත් රැක ගනිමින් දියුණුව කරා පාසල මෙහෙය විය.එහි ප්‍රතිඵලයක් වශයෙන් වර්ෂ 1978 දී වානිජ විද්‍යා අංශයෙන් සිසුන් දස දෙනෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලබා ගත්හ.එකල පාසල් සිසුන් සංඛ්‍යා ව දහසක් පමණ වූ අතර ගුරුවරුන් සංඛ්‍යාව 30 ක් පමණ විය. |
| 1978-1982 |
ඥානවාස හිමි වසර 04 කාලයක් වැඩ බලන විදුහල්පති වශයෙන් කටයුතු කරන ලදී.
|
| 1982-1992 |
ඩබ්.එල්.සුමනදාස මැතිතුමා මෙතුමා පෙර සිටි විදුහල්පතිවරුන් මෙන් තම කාලය උපරිම ලෙස කැප කරමින් කටයුතු කළේය.එහි පුතිඵලයක් ලෙස පාසලට විද්‍යාගාරයක් , වානිජ විද්‍යාගාරයක් සහ තවත් ගොඩනැගිලි කිහිපයක් ලබා ගනිමින් සිසුන්ගේ අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා තව තවත් පුළුල් කළේය.මෙහි ප්‍රතිඵලය වූයේ වසරින් වසර විශ්ව විද්‍යාල අධ්‍යාපන වරම් ලබන සිසු පිරිසක් මෙම විදුහලෙන් බිහි වීමයි. මෙතුමාගේ නිල කාලය වසර 10 ක් පමණ වූ අතර මෙම විදුහලේදීම එතුමා විශ්‍රාම ගියේය. |
| 1992-2004 |
පියදාස පතිරණ මැතිතුමා නියෝජ්‍ය විදුහල්පති ධූරය දැරෑ පියදාස පතිරණ මහතා විදුහල්පති ලෙස පත් විය.දිගු කාලයක් නියෝජ්‍ය විදුහල්පති ධූරය හොබවා ගම හා පාසල පිළිබද මනා දැනුමක් තිබූ එතුමා පාසලේපැවැති තත්වය එලෙසම ඉදිරියට ගෙන ගියේය. |
| 2004-2007 |
ඩී.ජී.ඒ.ආරියරත්න මැතිතුමා මෙතුමාගේ කාලය තුළ පැරණි ලේඛන සොයා බලා විධිමත්ව පවත්වා ගෙන යාමට හා ආරක්ෂාකාරීව තබා ගැනීමට අවශ්‍ය පියවර ගැණුන අතර ප්‍රළමයෙන්ම පාසල් සංවර්ධන සමිතිය මගින් පරිගණකයක්, රූපවාහිනියක්, පාසලට විදුලි අවශ්‍යතා සපුරා ගැනීම,කැඩී බිදී ගිය සංගීත හා නර්තන භාණ්ඩ අලුත්වැඩියා කරවා එම අංශවල නවෝදයක් ඇති කිරීම, තූර්ය වාදන කණ්ඩායම සකස් කිරීම, පාසලේ පැවැති ජල ප්‍රශ්නයට විසදුමක් ලෙස ජල මෝටරයක් යොදා ගෙන පාසල පුරා ජල නල පද්ධතියක් ක්‍රියාත්මක කිරීම,පාසල් වත්ත වටා වැට සකස් කර පාසලට ආරක්ෂාව සලසා දීම ආදී කාර්යයන් රැසක් පාසලට දායාද කළේය. |
| 2007-2008 |
එස්.ඊ.පියසේන මැතිතුමා
|