අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

දකුණු ගිරුවාපත්තුවේ රෝහණ ජනපදයේ බෙලිඅතු පුරවරයට අයත් , පල්ලත්තර ග්‍රාමයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික හා තෘතීක අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. වසර 92 ක ඉතිහාසයක් හිමි අප විදුහල් මාතාව අතීතයේ පටන්ම කීර්තිමත් පාසලකි .







