පාසල් ගීතය
දෙස බස රැස සදමින්
අකුරට යමු සතොසින්
පල්ලත්තර විදුහල් මෑණී
තුරුලෙහි රුදී අපි
ජය ගන්නෙමු ගිය ගිය අතෙහි......//
සමගි ධජය ලෙලවා හෙළයේ
සුවඳ කුසුම් ඉසිමින් නිසි සේ
පෙරමුණ ගෙන යමු එඩිපාලා
හෙළ විරු මග මල් ගන්වාලා......//
දෙස බස රැස සදමින්...............
දැනුම සයුර නිති කළඹාලා
රිසි සේ කිමි දී පිහිනාලා
අමිල නිමල මිණි මුතු සොයලා
පළදිමු සිරි ලංකා බබළා......//
දෙස බස රැස සදමින්...............