නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
පල්ලත්තර මහා විද්‍යාලය

යුග යුග පසු කරමින් නවීකරණය වෙමින් අද දක්වා පැමිණ ඇති අධ්‍යාපනය යනු, මානවයා සමාජය මත මනාව ජීවත් කරවන කශේරුකාවයි.එකී වූ අධ්‍යාපනය අද වන විට ලෝකය තුළ ක්‍රියාත්මක වන්නේ තාක්ෂණය හරහාය.ප්‍රධානම අධ්‍යාපන උපාංගය වන්නේ තාක්ෂණයයි.මුළු ලෝකයම එක යායක්ව විශ්ව ගම්මානයක් වෙමින් පවතී.එකී වූ ගමන් මගට ලාංකීය අධ්‍යාපනය ද යොමු වී ඇත.වර්තමානයේ නාගරික ප්‍රදේශ වලට පමණක් නොව ග්‍රාමීය ප්‍රදේශ වලට ද තාක්ෂණය යොමු වෙමින් පවතී.
එකී වූ ගමන් තුළ දැනුම ,ආකල්ප,කුසලතා සේම තාක්ෂණයෙන් ද සන්නද්ධ නව පරපුරක් බිහි කිරීම වර්තමාන ගුරු පරපුර ලෙස අපගේ වගකීමයි.ඒ වගකීම වෙනුවෙන් අප නිරන්තර සහය සමගින් වඩා යහපත් අනාගතයක් බිහි කිරීමට අප නිරන්තරයෙන් කැප වන්නෙමු.
නියෝජ්‍ය විදුහල්පති,
මතුගම පඤ්ඤාකිත්ති හිමි,
පල්ලත්තර මහා විද්‍යාලය.