• (+94) 717244570
  • mvpallatharamv@gmail.com
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Pallattara M.V.

හ/පල්ලත්තර මහා විද්‍යාලය

Kandurata Zone

  • Register
  • Login
Pallattara M.V.

හ/පල්ලත්තර මහා විද්‍යාලය

Kandurata Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 “කෙනෙකුට නිලය ලැබෙන්නට නම්        බලය

                           ලැබුමට විනය අවැසිය දැනුමැති                           මොළය

                            දිවියට එළිය ඉගෙනුම ලැබගත්                           කළය‍

                            ගමකට එළිය ගම තුළ ඇති                     පාසලය”

                       

                        වර්ෂ 1930 ඔක්තෝබර් 01 වන දින හ/පල්ලත්තර මහ විදුහල ආරම්භ කළ අතර ප්‍රථම විදුහල්පති තුමා වූයේ පීටර් ප්‍රදිනාන්දු මැතිතුමාය. එදිනට සිසුන් 80 ක් හා ගුරුවරුන් තිදෙනෙක්ද  සිටියහ. පළමු ශ්‍රේණීයේ සිට අටවන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත් වූ අතර කනිෂ්ඨ පාසලක් ලෙස පවත්වා ගෙන ගියේය.

                        ප්‍රදිනාන්දු මහතාගේ අවුරුදු 10 ක සේවා කාලයෙන් පසු වර්ෂ 1940 දී එල්.බී.ඒ‍. සිරිසේන මැතිතුමා විදුහල්පති වශයෙන් පත්ව ආවේය.එතුමා වසර 22 ක් පමණ මෙම විදුහලේ සේවය කළ අතර එම කාලය තුල විදුහලට නව අංග රාශියක් එනතු කළේය.

                        එම නව අංග අතර සිසුන්ගේ අධ්‍යාත්මික ගුණ වගාවට අවශ්‍ය බුදු මැදුරක් ඉදි කරවීමට පියවර ගත්හ. ඒ සදහා පල්ලත්තර ප්‍රදේශයේ සිටි ඩී.ඒ.රත්නසිංහ මහරාළහාමි සහ බෙලිඅත්තේ විසූ වීරරත්න රාළහාමිගේ පෞද්ගලික ධන පරිත්‍යාග ලබා ගත්හ.මෙතුමාගේ සේවා කාලය වසර 22 කින් නිමා විය.

                        ඉන් පසු පී.සී.ද සිල්වා මහතා වර්ෂ 1962 දී විදුහල්පති ලෙස පත්ව ආවේය.මෙතුමා ද පාසලේ දියුණුව දසහා වන අංග එක් කරමින් ඉමහත් සේවයක් ඉටු කළේය.මේ වන විට පාසලේ ඉමහත් අඩුවක්ව පැවැති ජල ප්‍රශ්නය විසදීමට මෙතුමා වහාම කටයුතු කළේය.එහි ප්‍රතිඵලයක් වශයෙන් පාසලට ජල පොම්පයක් ලැබුණු අතර ඉදි කිරීම් කටයුතු කෙටි කාලයකින් නිම කර දරුවන්ගේ අවශ්‍යතා සපුරා ලීමට පියවර ගත්තේය.

                        එසේම මෙතෙක් කලක් තිස්සේ කනිෂ්ඨ පාසලක් ලෙස පැවැති පල්ලත්තර විදුහල මහා විද්‍යාල තත්වයට පත් කිරීම ද මෙතුමාගේ දැඩි අධිෂ්ඨානයක් විය.එම අදහස මල්ඵල ගන්වමින් එවකට බෙලිඅත්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කළ ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ අනුග්‍රහය මත 1965 දී පල්ලත්තර කනිෂ්ඨ පාසල මහා විද්‍යාලයක් බවට පත් කිරීමට හැකි විය.ක්‍රීඩා කුසලතා වර්ධනය කර ගෙන අනෙකුත් පාසල් සමග තරග කර ජයග්‍රහණයන් ලබා‍ ගත හැකි විය.

                        මින් පසු 1970 දී පමණ පී.එන්.කුරුප්පු මැතිතුමා විදුහල්පති වශයෙන් පතිව ආ අතර එතුමාගේ සේයා කාලය වසර 02ක් පමණ විය.

                        මින් පසුව පල්ලත්තර මහ විදුහලට නව යුගයක් උදා කරමින් වර්ෂ 1971 ජුනි 26 වන දින හෙන්රි සමරසේකර වීරසූරිය නැමැති තරුණ විදුහල්පතිවරයෙකු පත්ව ආවේය.එවකට පැවැති පොදු පෙරමුණ රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අනුග්‍රහය නොඅඩුව ලබා ගත් එතුමා පාසල තව තවත් උසස් තත්වයට පත් කළේය.

                            ඒ අතර පාසලට තවත් යාබද ඉඩම් කොටසක් මෙම පාසලට සම්බන්ධ කරමින් පාසල් භූමි ප්‍රමාණය වැඩි කර ගත්තේය. එ පමණකින් නොනැවතුණ එතුමා ගුරු දෙගුරු සැමගේ සහයෝගය ලබා ගනිමින් පාසල් දරුවන්ට වානිජ, විද්‍යා අංශ‍යෙන් ඉගෙනුම ලබා දීමට අවස්ථාව ලබා ගත්හ. එහි ප්‍රතිඵලයක් ව ශයෙන් අවට ගම් වලින් පමණක් නොව නගර වලින් පවා වානිජ විද්‍යා අංශ‍යෙන් සා.පෙළ හා උසස් පෙළ විෂයන් හැදෑරීමට සිසුන් නොකඩවා මෙම පාසලට ඇදී ආහ.

                        ඉන් පසුව මෙම පාසලට අඩුවක්ව පැවැති පුස්තකාලයක් ලබා ගැනීමට මෙම විදුහල්පතිතුමා උනන්දුවෙන් කටයුතු කළේය.ඒ සදහා පල්ලත්තර ග්‍රාමයේ විසූ දානපති ඩී.ඒ.රාත්නසිංහ රාළහාමි ධනය පරිත්‍යාග කළේය.එම නිසා කෙටි කාලයකින් පුස්තකාලයේ වැඩ නිම කර පාසල් දරුවන්ගේ දැනුම් පිපාසය සංසිදුවාලීමට කටයුතු කළේය.

                        වර්ෂ 1965.03.15 දින මහ විදුහල බවට පත් පල්ලත්තර මහ විදුහල 1972 වන තුරුම එකම ශිෂ්‍යයෙකු හෝ සරසවි වරම් ලැබීමට සමත් නොවීය.නමුත් 1972 දී එම අඩුව සපුරාලමින් පියදාස වන්නිආරච්චි නැමැති ශිෂ්‍යයා ප්‍රථම වරට පල්ලත්තර මහ විදුහලෙන් විශ්ව විද්‍යාලයට ඇතුළත් විය.

                        මින් පසුව පුස්තකාලයට ගුරු මහත්මියක්,ක්‍රීඩා අංශ භාර ගුරු මහත්මයෙක් ,වානිජ අංශ භාර ගුරු මහත්මයෙක් ආදී වශයෙන් දක්ෂ හා පළපුරුදු ගුරු මණ්ඩලයක් පාසලට පත් කර ගත්හ.වසරක් පාසා ක්‍රීඩා තරඟ ,අධ්‍යාපන චාරිකා ආදිය පවත්වමින් සිසුන්ගේ උන්නතිය සදහා විශාල මෙහෙයක් මෙම පාසලින් ඉටු කිරීමට මෙම හෙන්රි සමරසේකර විදුහල්පතිතුමා ප්‍රමුඛ ගුරු මණ්ඩලයට හැකි විය.

                        මින් පසු 1976 දී ඩී.කොළඹගේ නැමැති විදුහල්පති පත්ව ආවේය.මෙතුමා ද පාසලේ පැවැති තත්වය තව දුරටත් රැක ගනිමින් දියුණුව කරා පාසල මෙහෙය විය.එහි ප්‍රතිඵලයක් වශයෙන් වර්ෂ 1978 දී වානිජ විද්‍යා අංශයෙන් සිසුන් දස දෙනෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලබා ගත්හ.එකල පාසල් සිසුන් සංඛ්‍යා ව දහසක් පමණ වූ අතර ගුරුවරුන් සංඛ්‍යාව 30 ක් පමණ විය.1978 දී පමණ ඩී.කොළඹගේ විදුහල්පති වරයා පාසලෙන් ඉවත් වූ අතර එවකට විදුහලේ සේවය කළ ඥානවාස නම් හිමි නමක් වැඩ බලන විදුහල්පති ලෙස පත් විය.එම හිමියන්ගේ සේවා කාලය වසර 04 කි.ඉන් පසු 1982 දී ඩබ්.එල්.සුමනදාස මහතා විදුහල්පති ලෙස පත් විය. එතුමා පෙර සිටි විදුහල්පතිවරුන් මෙන් තම කාලය උපරිම ලෙස කැප කරමින් කටයුතු කළේය.එහි පුතිඵලයක් ලෙස පාසලට විද්‍යාගාරයක් , වානිජ විද්‍යාගාරයක් සහ තවත් ගොඩනැගිලි කිහිපයක් ලබා ගනිමින් සිසුන්ගේ අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා තව තවත් පුළුල් කළේය.මෙහි ප්‍රතිඵලය වූයේ වසරින් වසර විශ්ව විද්‍යාල අධ්‍යාපන වරම් ලබන සිසු පිරිසක් මෙම විදුහලෙන් බිහි වීමයි. මෙතුමාගේ නිල කාලය යසර 10 ක් පමණ වූ අතර මෙම විදුහලේදීම එතුමා විශ්‍රාම ගියේය.

                        ඉන් පසු එවකය නියෝජ්‍ය විදුහල්පති ධූරය දැරෑ පියදාස පතිරණ මහතා විදුහල්පති ලෙස පත් විය.දිගු කාලයක් නියෝජ්‍ය විදුහල්පති ධූරය හොබවා ගම හා පාසල පිළිබද මනා දැනුමක් තිබූ එතුමා පාසලේපැවැති තත්වය එලෙසම ඉදිරියට ගෙන ගියේය.

                        2004 මාර්තු 03 දින එතුමා පාසලින් මාරුව ගිය පසු ඩී.ජී.ඒ.ආරියරත්න මහතා පාසලේ වදුහල්පති ලෙස පත් විය. මෙතුමාගේ කාලය තුළ පැරණි ලේඛන සොයා බලා විධිමත්ව පවත්වා ගෙන යාමට හා ආරක්ෂාකාරීව තබා ගැනීමට අවශ්‍ය පියවර ගැණුන අතර ප්‍රළමයෙන්ම පාසල් සංවර්ධන සමිතිය මගින් පරිගණකයක්, රූපවාහිනියක්, පාසලට විදුලි අවශ්‍යතා සපුරා ගැනීම,කැඩී බිදී ගිය සංගීත හා නර්තන භාණ්ඩ අලුත්වැඩියා කරවා එම අංශවල නවෝදයක් ඇති කිරීම, තූර්ය වාදන කණ්ඩායම සකස් කිරීම, පාසලේ පැවැති ජල ප්‍රශ්නයට විසදුමක් ලෙස ජල මෝටරයක් යොදා ගෙන පාසල පුරා ජල නල පද්ධතියක් ක්‍රියාත්මක කිරීම,පාසල් වත්ත වටා වැට සකස් කර පාසලට ආරක්ෂාව සලසා දීම ආදී කාර්යයන් රැසක් පාසලට දායාද කළේය.

                        එමෙන්ම දරුවන්ගේ විදු දැනුම ලබා ගැනීමට අව ශ්‍ය විද්‍යාගාරය නවීකරණය කිරීමත් ප්‍රදේශයේ ප්‍රභූ පිරිසකලේ පරිත්‍යාග ලබා ගනිමින් ආර්ථික අඟ හිඟකම් ඇති පාසල් දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ක්‍රමයක් ඇති කිරීම ආදී විශාල මෙහෙයක් පාසල වෙනුවෙන් ඉටුකර 2007.11.02 වන දින විශ්‍රාම ගියේය.

                        ඉන් පසු 2007.11.02 දින සිට එවකට නියෝජ්‍ය විදුහල්පති ධුරය දැරූ එස්.ඊ.පියසේන මහතා විදුහල්පති වශ‍යෙන් පත් විය.මෙතුමා 2008.04.06 දක්වා විදුහල්පති ලෙස සේවය කළ අතර එම කෙටි කාලය තුළ පාසලට අවශ්‍යව තිබූ නව පුස්තකාලය ඉදි කිරීමේ කටයුතු හා පාසලෙන් සොරකම් කරන ලද පරිගණකය හා ඩී.වී.ඩී යන්ත්‍රය නැවත පාසලට ලබා ගැනීම මෙන්ම පාසලට තිබූ මැර තර්ජන පාලනය කිරීමද මෙතුමා විසින් සිදු කරන ලදී.

                        ඉන් පසු 2008.04.08 දින සිට සී.රාජපක්ෂ මිය විදුහල්පති තුමිය වශයෙන් පාසලේ විදුහල්පති ධූරය හෙබ විය. මෙතුමියගේ කාලය තුල නව පුස්තකාලයට අවශ්‍ය රුපියල් ලක්ෂයක් පමණ වටිනා පොත් ලබා ගත් අතර එයට අවශ්‍ය ලී බඩු හා කබඩ් ආදිය ලබා ගැනීමත් ආදි සිසුන් ලවා බුදු මැදුර අලුත් වැඩියා කිරීමත් ,පාසලේ ගොඩනැගිලි හා තාප්පය සායම් කිරීම ආදී කාර්යයන් ඉටු කරමින් පාසලට නව්‍යතාවයක් ඇති කළ අතර පරිගණක ඒකකය සදහා පරිගණක 04 ක් ලබා ගැනීම ද මෙතුමියගේ කාලයේදී සිදු විය.      

                        2014.11.26 දින සිට පී.ඒ.ගුණවර්ධන මහතා විදුහල්පති වශයෙන් පත් විය.ඉන් පසු පාසලේ විශේෂ දියුණුවක් ඇති කරමින් ගොඩනැගිලි අලුත්වැඩියා කිරීම, පාසලට අවුරුදු 86ක් සහ 90ක් පිරීම නිමිත්තෙන් පිරිත් පිංකම් සහ දානමය පිංකම් සිදු කිරීම , තූර්ය වාදක කණ්ඩායමට අවශ්‍ය භාණ්ඩ වලින් කොටසක් ලබා ගැනීම හා සංගීත භාණ්ඩ අලුත් වැඩියාව ආදී පාසලේ විවිධ කටයුතු ඉටු කරමින් පාසලේ නව දියුණුවක් ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටී.

 

 

                      

 

ආරම්භ කළ වර්ෂය

1930 ඔක්තෝබර් 01 

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

03

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

80

මුල් ගුරුතුමාගේ නම

පීටර් ප්‍රදිනාන්දු මැතිතුමාය

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

හ/පල්ලත්තර මහා විද්‍යාලය

සරසවි වරම් ලැබූ ප්‍රථම ශිෂ්‍යයා

පියදාස වන්නිආරච්චි

Pallattara M.V.

හ/පල්ලත්තර මහා විද්‍යාලය

Kandurata Zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • ලිපිනය H/Pallattara M.V, Pallattara, Modarawana
  • දුරකථන(+94) 717244570

Supported By

© 2026 Pallattara M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk