1930 ඔක්තෝම්බර් මස 01 වන දින හ/පල්ලත්තර කනිෂ්ඨ විද්‍යාලය ආරම්භ කරන ලද්දේ ,එවකට පල්ලත්තර විහාරස්ථානයේ වැඩ විසූ නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි , රත්නසිංහ ගම්මුලාදෑනිතුමාගේ මූලිකත්වයෙනි. ඉඩම පරිත්‍යාග කරන ලද්දේ මාතර ප්‍රදේශයේ විසූ ව්‍යාපාරික මහතෙකි.එවකට විසූ අතපත්තු මහතාද , මහානාම මහතාද මෙම කටයුතු සදහා අනුග්‍රහය දක්වන ලදී.ප්‍රථම විදුහල්පති තුමා වූයේ පීටර් ප්‍රදිනාන්දු මැතිතුමාය.රත්නසිංහ ගම්මුලාදෑනිතුමා විසින් පාසලට බුදු මැදුරක් සහ ගේට්ටුවක් පරිත්‍යාග කරන ලදී.තවද මෙතුමා විසින් පාසලට පුස්තකාලයක්ද පරිත්‍යාග කරන ලදී.1965 වර්ෂයේදී හ/පල්ලත්තර කනිෂ්ඨ විද්‍යාලය මහා විද්‍යාලයක් බවට පත් විය.